favicon-96x96
pubudu-siriwansa

වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. එම දිගු කථාන්දරය හා සැසදෙන විට නිමේශයක් බඳු මිනිස් වර්ගයාගේ සටහනෙහි ඔවුන් අත්පත්කරගත් අපමනක් දෑ අතර "තොරතුරු තාක්ෂනයට" හිමි වන්නේ වඩාත් ගැබුරින් වන සටහන් වීමකි. දුර හා කාලය පිලිබදව වූ මිනිස් සීමාවන් එය දිනෙන් දින වඩාත් සාර්ථකව අවසන් කර දමමින් සිටීම මෙහි වන වඩාත්ම අපූරු සිදුවීමය. බොහෝ මිනිස් නිර්මානිත විෂයන් වසා ගත් "ඇකඩමිනක්" ආධිපත්‍ය තොරතුරු විෂයට පැමිනෙන්නට නොහැකිවූවා සේම දේශපාලනික ආගමික ආධිපත්‍යයන් වෙතට එය සාර්ථකව අභියෝගකරන්නට සමත්ව ඇත. සමස්තයක් ලෙසට පවසන්නේ නම් බොහෝ විෂයන් අහිමි කරගත් "එය එය විසින්ම " පාලනය කර ගැනීමේ අයිතිය ‍රැකගන්නට හැකිවීම මෙම විෂය මත වන වඩාත්ම දිලිසෙන සලකුන වේ.
මෙවන් විසිතුරු මෙන්ම විස්මිත විෂයක් සමග කටයුතු කරන්නට හැකිවීමම අපූර්ව අවස්ථාවක් ලැබීමකි. මෙම විෂය ආරම්භවන හුදු දෘඩතලයේ සිට මිනිස් වර්ගයා වෙතටවන තීරනාත්මක ආගමික දේශපලනික මෙන්ම ආර්ථික තලයන් දක්වාම විහිද යන්නට එය සමත්ව ඇත. හුදු සරල ගනනයක සිට සමස්ථ මිනිස් වර්ගය වෙතටම එක නිමේශයකින් බලපෑම් කරන්නට හැකි ශක්‍යතාවයක් දක්වා එහි අත්පත්කර ගැනීම් ලබන්නට සමත් වෙනත් විෂයක් වේදෑයි සැක සහිතය.
siriwansa

siriwansa

" මනාව සුසරවූ මනස දෑ ග්‍රහනය කර ගන්නේ මෙන්ම විග්‍රහ කෙරෙන්නේ විදුලි වේගයනි. වසර සිය ගනනක් මිනිස් වර්ගයාගේ කායික මානසික ශක්තිය අපමනක් ඔස්සේ පිවිසෙන්නට බැරිවූ බුද්ධි අවකාශ ක්ශනයෙන් විවර වන්නේ මෙතක් කල් නිසි අවධානයකින් තොරව මුත් සිතුවිල්ලක දුරින් තිබු බව පසක් කරමිනි".
-Tharu Minisa
- Siriwansa

             ඔවුන් උත්සාහ කරමින් සිටින "දෙය" මෙසේ පැහැදිලි කරන්නට හැකියි. එනම් "ඔබ" මතට "නැවත නිර්මාණිත" ඔබව ‍රැගන් ඒම ලෙසට. මම හිතන්නේ මේ හැරවුම මිනිස් කථාන්දරයේ තවත් තීරනාත්මක ඉසව්වකට පිවිසීමක් වේවි. සියලු සාම්ප්‍රධයික අවකාශ නැවත අභියෝගයකට ලක් කරන මොහොතක් වේවි. දේශපාලනික, අර්ථික, සංස්කෘතික සියලු අර්ථ සදහා නැවත විවරනයන් ඉල්ල සිටින අවස්ථාවෙක් වේවි. අපි දන්නවා සියලුම පාහේ තොරතුරු අවකාශයේ පෙර ගමන්කාර සමාගම් වලට අවශ්‍ය වෙලා තියෙනවා ඔබ මතට වඩාත් පෞද්ගලික වෙමින් ඔබ සදහා වඩාත් සැසදෙන වර්චුවල් "ඔබව" නිර්මාණය කරන්නට. තවත් දෙසකින් පවසන්නේ නම් ඔබ වෙනුවට තවත් "ඔබ" කෙනෙක් වර්චුවලි නිර්මාණය කර ගන්නට. මූලිකවම මේක වෙළඳ කරනවක් බවට කිසිදු තර්කයක් නැහැ. හැබැයි ඒහා සමාන්තරවම ඔවුන් දක්ශ වෙමින් තිබෙනවා ප්‍රාථමික වෙළඳ ස්වභාවය ඉක්මවන ස්වරූපයේ අනන්‍යතාවයකින් මේ අවකාශය නිර්මාණය කරන්නට.
                    ඔවුන් ක්‍රමයෙන් කරමින් සිටින්නේ අනාගතයේ ඔබගේ සමාජජාලා සර්වරයේ නිර්මාණය වන "වර්චුවල්" ඔබව නිර්මාණය කිරීමයි. ඔබගේ දත්ත අනන්‍යතා සර්වරයේ "ඔබව නියෝජනය වන වර්චුවල් ඔබව" නිර්මාණය කර තැබීමයි. මේ වර්චුවල් ඔබට සැබෑ ඔබගේ සිතුම් පැතුම්, අවශ්‍යතා "අධි ඔබ කෙනෙකු" ඔස්සේ ඉ‍ටුකර දෙන්නට හැකි වේවි. මේක සංකීර්න අවස්ථාවක් වනවා නිසකවම. දේශපාලනික මෙන්ම සංස්කෘතික විතැන්වීම් පරිධියේ කෙරවල අවකාශයන්ට විශාල ගැටලුවක් වේවි. හැබැයි මේක භ්‍යානක තත්වයක්ශ නැතිනම් ආශිර්වාදයක්ද යන්න ප්‍රයෝගිකව නිර්වචනය කරන්නට දැනට අප සතුවන ආර්ථික දේශපාලනික අර්ථයන්ට හැකිවේවිද යන්න ප්‍රශ්නයක්. ඒකට හේතුව මේ විෂයන් නොවෑඩෙන හරිම සාම්ප්‍රධායික සීමා වල තවමත් සිටීම.

- siriwansa

siriwansa

මද වෙහෙසකර වුවත් ප්‍රබෝධය විසින් ඒ සියල්ල යටපත් කරවන මිනිස් වර්ගයාගේ දත්ත විෂය පිලිබද බහුමානී චාරිකාව අවසන් අදියරට ලංවෙමින් සිටියෙමු. පසුවදනක් ඇරබින. "ඔබ ඒ පසුකරමින් සිටියේ දත්ත මිනිසාගේ අද දක්වා වූ අපූරු කතාන්දරයේ අතිශය කෙටි සංශිප්තයකට පමනී. කැපී පෙනෙන හැරවුම් ලක්ෂ හා මිනිසුන් ගැන එම සටහන සෑම සත්‍යට බොහෝ දුරකට ලංව ඇතැයි මම විස්වාශ කරමි. බොහෝ අපූරත්වයන් පෘතුවිය මතට ගෙන ආ තවත් මිනිසුන් කොටසක් සටහනක් නොතබාම පෘතුවිය හැරගොස් ඇති බව කරුනාකර අමතක නොකරන්න. ඔබ පිවිසෙමින් ඇති භූමිය අපූරු මිනිසුන් බිහිකරන තැනක් නොවේ.සමහර විට ඔබගේ අපූරු බව මද පසුබෑමකට ලක් කරන තැනක්ද විය හැකිය. මෙතැනදී ඔබට ලැබෙනුයේ අතීත දැනුම පමනකි. ඊට අමතරව සුලු අනාගත නිර්මාණශීලීත්වයකට උත්සාහ ගන්නවා ඇත. මෙහිදී ඔබට ලැබෙන සමහර තීර්නාත්මක බුද්ධිකාරනා නිර්මානය කල සමහර මිනිසුන් තම ජීවිතකාලය තුල කවරදාකවත් උසස් අධ්‍යාපන ආයතන තබා ද්විතීක අධ්‍යාපනය ආයතනයකට පවා ගොඩ නොවුවන් බව මා ඔබට මතක්කරදෙන්නේ ඔවුනට අපහාස කරන්නට හෝ ඔබේ මේ පිවිසුම අවතක්සේරු කරනු සදහා නොවේ. දැනුම සමහරවිට මහා කලුගල්සේ ඔබව ඔබව ඇද බැද තබන්නට පෙලබෙනු ඇත. එහෙත් නිර්මානශීලී මිනිසුන් එයින්ම විසල් මුත් සැහැල්ලු අත්ත‍ටු නිර්මානය කොටගෙන අනගතයට නිදහසේ පියබා යති. ඔබත් දෙවන වර්ගයේ මිනිසෙකු වනු දැකීම මගේ පැතුමයි. ස්තුතියි.... මම බීටාව.

-Tharu Minisa
- Siriwansa

576798b967f6090c58406ccee26632c5